මියැසි නදී තෙර සිහිලැල් පවනේ
දිවි ගමනේ නෙක විඩා දුරු වුණා
ජීවිතයේ නෙක දුක් සෝ සුසුමන්
සත්සරයේ සුව අතර සැඟවුණා
නෙතගින් ගිලිහුණු උණුසුම් කඳුලක්
පන්හිඳ තුඩගට පණ දෙනු දැනුනා
හදවත දැල්වුණු දුක්බර හැඟුමන්
පත් ඉරු අතරේ හිනැහෙනු පෙනුණා
නෙතේ රැඳුණු ඒ මනරම් දසුනින්
සුහුඹුල් හැඟුමන් පිබිදෙනු දැනුනා
හදේ මැවුණු ඒ සුන්දර සිහිනය
තෙලි තුඩගින් ලෝ නෙතට යා වුණා
(මෙය නිර්මල ලියනාරච්චි සොහොයුරා සමග සිදු කල සම-නිර්මාණයකි)
අනර්ඝයි :) බ්ලොගය තුල මා වඩාත්ම සිත් ගත් නිර්මාණය මෙයයි,ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න,සුබ පැතුම් !!!
ReplyDelete