Monday, January 30, 2012

අතරමං වී

යොමු කලෙමි මා නෙත් ක්ෂිතිජය දෙසට
දුටුවෙමි දිදුලන රන්වන් තාරකාවක්
මවෙතින් ඉතා දුරස්ථ වූ.
එහි දීප්තියෙන් මා වසඟ වූවත්
බිය වීමි වෙන අයෙක් මට පෙර ඒ වෙත ලඟා වනු ඇතැයි.
ඉවත බලනා කල මා දුටුවෙමි
එතරම් දුරස්ථ නොවූ රිදීවන් තාරකාවක්
රන් තරුව මෙන් දීප්තිමත් නොවූවත්
අඳුරු වලා මැද දීප්තිමත් ලෙස විරාජමාන වූ.
මාගේ තීරණය කුමක් විය යුතුද?
මා හදවතට එකඟව දුරස්ථ වූ රන්වන් තාරකාව සොයා යා යුතුද?
නැතහොත් උඩු සිතට එකඟව රිදීවන් තාරකාවෙන් සැහීමකට පත් විය යුතුද?

No comments:

Post a Comment