Sunday, January 1, 2012

ශෝක ප්‍රකාශය


නොදිලිසුනත් නෙතු අග උණු කඳුළු කැට
හදවත හඬයි ඔබේ කඳුලැලි දකින විට
සිහි වන සඳ ඔබේ කඳුලැලි පිරුණු වත
යලි පණ ලබයි මගේ වියැලුණු කඳුළු කැට

දුටුවත් මිනිස් දූවරු මහ පොලොව මත
ඒ සැම දෙන අතර ඔබ දෙව් දුවකි මට
බිඳුනත් ඔබේ මුදු සිත පිය වියෝවට
ඔබ දියමන්තියකි අතරේ බොරළු කැට

මරණය දුකකි නොහැකිය ඉන් ගැලවෙන්ට
සිදු වේ දිනක ප්‍රියයන් හට සමු දෙන්ට
ඔබ වැනි දියණියක සැදු පින් මහිමයට
හැකි වනු ඇත ඔහුට මොක් සුව ලබන්නට

No comments:

Post a Comment