Saturday, January 14, 2012

විභාග මානසිකත්වය

පොත් පත් නමැති ඉල්ලමෙන් ගරා ගත්
තොරතුරු නමැති මූලද්‍රව්‍යය යොදා නිර්මාණය කළ
දැනුම නමැති ඛඩ්ග පත්‍ර තලය,
නිරවද්‍යතාවය සහ විචක්ෂණ භාවය නම්
බාහු යුග්මයෙන් මෙහෙයවා,
අධ්‍යාපනික අභියෝග නමැති
නොවැලැක්විය හැකි ප්‍රතිවාදියාගේ,
සාමාන්‍ය පෙළ විෂයයන් නමැති ඇඟිලි 10ත්
උසස් පෙළ විෂයයන් නමැති ගාත්‍රා 4ත්
ඡේදනය කර ඉදිරියට යන අපගේ බලාපොරොත්තුව
උපාධිය ලබා ගැනීමෙන් අධ්‍යාපනික අභියෝගයන්හි ශීර්ෂය ඡේදනය කිරීමද?
එහෙත් එක් ශීර්ෂයක් ඡේදනය කළ විට තවත් ශීර්ෂයක් මතු නොවනු ඇතැයිද,
එම ශීර්ෂය ඡේදනය කිරීමට ප්‍රථමයෙන්

එහි අක්ෂි යුග්මයෙන් විමෝචනය වන්නා වූ
ආතතිය නම් වහ්නි ජාලාවන්ට හසු වී
අපගේ සන්තානයන් අංගාර බවට පත් නොවනු ඇතැයිද
අප කෙසේ අපේක්ෂා කරමුද?

No comments:

Post a Comment