Monday, January 23, 2012

Mid term exam එ‍ක

" දැන් Mid එකත් ලඟයි නේද?" ප්‍රශ්න කරත් අයෙක්.
"ඒ ගැන කියලා අපිව බය කරන්න එපා බං." තවකෙක් පවසයි.
"අපි Mid එක ගණන් ගන්නේ නෑ.Final exam එක යන්තම් ගොඩ දා ගන්න පුළුවන් වුණොත් ඇති."
"මම අන්තිමට කරපු ප්‍රශ්න 10 න් එකක් වැරදියි. මම repeat වෙයිද?"
"තමුසේ මගෙන් මොනවත් අහගන්න එපා. එකක් වැරදිලා repeat වෙනවා නම් 9ක් වැරදි එවුන්ට මොනවා වෙයිද?"
"දැන් වැඩක් නැති දේ ගැන කතා කරන්නේ නැතුව aca දාන්න.Mid එක කෙළ වුණොත් batch top වෙන්න බැරි වෙයි." පොත දිහා බලා සිටින අයෙක් උපදෙස් දෙයි.
"අපි ඇක බාර දෙවියන්ට පූජවක්වත් තියමු පාස් වෙන්න කියලා."


"මම නම් aca දැම්මත් වැඩක් නෑ. ඊට වඩා හොඳයි මලක් කඩන එක." එකෙක් මෙසේ පවසා දුරකථනය අතට ගනී.
සෙස්සෝ නැවත පොත් දෙසට නෙත් යොමු කරති.
"ඇත්තටම mid එක මෙච්චර වැදගත්ද?"

No comments:

Post a Comment