Tuesday, January 31, 2012
කවි සංවාදය
1 වන සිසුවා-
අහෝ ඛේදයකි මා හට සිදු වූයේ
ප්‍රශ්න 2ක් වැරදියි mid paper එකේ
Repeat වෙයිද කියලා මට බියක් දැනේ
මා සිත සනසන්න කිසිවක් කියනු මැනේ
2 වන සිසුවා-
සොහොයුර එපා ඔවැනි වදන් පවසන්න
එපා මගේ මනසට බිය ගෙන දෙන්න
අඩකට වඩා වැරදී loss වී ඉන්න
මට මෙය ඇසෙන විට සිතෙනව මිය යන්න
3 වන සිසුවා-
සිදු වූ දේ පිළිබඳව නොම දුක් වන්න
නොහැකිය අතීතෙට ගොස් එය මග හරවන්න
4.2 GPA එකක් ලැබ ගන්න
අධ්‍යයන කටයුතුවල යෙදී batch top වන්න
2 වන සිසුවා -
හැකි වූවත් batch top වන්නට ඔබට
එය සිහිනයක් පමණයි අසරණ අපට
යන්තම් ගොඩ දා ගන්න try කරන විට
ඔවැනි වදන් පවසන්නේ ඇයි මෙමට
1 වන සිසුවා -
යත්න දැරුවහොත් ඔබ batch top වන්න
හැකි වනු ඇත ඔබට යන්තම් ගොඩ යන්න
මා දුන් අවවාද සිත රඳවා ගන්න
තව loss නොවන්නට අදිටන් කර ගන්න
Subscribe to:
Post Comments (Atom)
siraa bng meken mata hayyak aawa
ReplyDeletesarala samawath ge
ReplyDeletekawiyen masitha pibide
enamudu purasne
aken thora kavi kimada neththe???