සිටිනා විට මා සන්සුන් මනසින්
සිත විමසන්නට මට සිතුණා
සිත තුළ සැඟවුණු නොපෙනෙන රකුසන්
සිත පෙළනා සැටි මට පෙනුනා
ඔබ හට මා පෙම් කල බව සිතුවත්
එසේ නොවන බව මට හැඟුනා
මා පෙම ලැබුනේ ඔබේ රුවට බව
සිහි වන විට මා සිත හැඬුවා
නෙතු අග දිලිසෙන සීතල කඳුලක්
නිරුදක කතරක වියලෙනු දැනුනා
දුටුවත් සත්‍යය කිසිවෙක් නොදකින
මා අසරණ බව මට දැනුනා
This comment has been removed by the author.
ReplyDeleteසිතන්නට යමක් ඇති වටිනා පද ටිකක්... බ්ලොග් කරණයේ දිගු ගමනක් යන්නට මගෙන් ඔබට සුබ පැතුම්...
ReplyDeleteබොහොම ස්තූතියි අයියා!
ReplyDelete