Tuesday, January 31, 2012
කවි සංවාදය
1 වන සිසුවා-
අහෝ ඛේදයකි මා හට සිදු වූයේ
ප්‍රශ්න 2ක් වැරදියි mid paper එකේ
Repeat වෙයිද කියලා මට බියක් දැනේ
මා සිත සනසන්න කිසිවක් කියනු මැනේ
2 වන සිසුවා-
සොහොයුර එපා ඔවැනි වදන් පවසන්න
එපා මගේ මනසට බිය ගෙන දෙන්න
අඩකට වඩා වැරදී loss වී ඉන්න
මට මෙය ඇසෙන විට සිතෙනව මිය යන්න
3 වන සිසුවා-
සිදු වූ දේ පිළිබඳව නොම දුක් වන්න
නොහැකිය අතීතෙට ගොස් එය මග හරවන්න
4.2 GPA එකක් ලැබ ගන්න
අධ්‍යයන කටයුතුවල යෙදී batch top වන්න
2 වන සිසුවා -
හැකි වූවත් batch top වන්නට ඔබට
එය සිහිනයක් පමණයි අසරණ අපට
යන්තම් ගොඩ දා ගන්න try කරන විට
ඔවැනි වදන් පවසන්නේ ඇයි මෙමට
1 වන සිසුවා -
යත්න දැරුවහොත් ඔබ batch top වන්න
හැකි වනු ඇත ඔබට යන්තම් ගොඩ යන්න
මා දුන් අවවාද සිත රඳවා ගන්න
තව loss නොවන්නට අදිටන් කර ගන්න
Monday, January 30, 2012
අතරමං වී
යොමු කලෙමි මා නෙත් ක්ෂිතිජය දෙසට
දුටුවෙමි දිදුලන රන්වන් තාරකාවක්
මවෙතින් ඉතා දුරස්ථ වූ.
එහි දීප්තියෙන් මා වසඟ වූවත්
බිය වීමි වෙන අයෙක් මට පෙර ඒ වෙත ලඟා වනු ඇතැයි.
ඉවත බලනා කල මා දුටුවෙමි
එතරම් දුරස්ථ නොවූ රිදීවන් තාරකාවක්
රන් තරුව මෙන් දීප්තිමත් නොවූවත්
අඳුරු වලා මැද දීප්තිමත් ලෙස විරාජමාන වූ.
මාගේ තීරණය කුමක් විය යුතුද?
මා හදවතට එකඟව දුරස්ථ වූ රන්වන් තාරකාව සොයා යා යුතුද?
නැතහොත් උඩු සිතට එකඟව රිදීවන් තාරකාවෙන් සැහීමකට පත් විය යුතුද?

Monday, January 23, 2012
Mid term exam එක
" දැන් Mid එකත් ලඟයි නේද?" ප්‍රශ්න කරත් අයෙක්.
"ඒ ගැන කියලා අපිව බය කරන්න එපා බං." තවකෙක් පවසයි.
"අපි Mid එක ගණන් ගන්නේ නෑ.Final exam එක යන්තම් ගොඩ දා ගන්න පුළුවන් වුණොත් ඇති."
"මම අන්තිමට කරපු ප්‍රශ්න 10 න් එකක් වැරදියි. මම repeat වෙයිද?"
"තමුසේ මගෙන් මොනවත් අහගන්න එපා. එකක් වැරදිලා repeat වෙනවා නම් 9ක් වැරදි එවුන්ට මොනවා වෙයිද?"
"දැන් වැඩක් නැති දේ ගැන කතා කරන්නේ නැතුව aca දාන්න.Mid එක කෙළ වුණොත් batch top වෙන්න බැරි වෙයි." පොත දිහා බලා සිටින අයෙක් උපදෙස් දෙයි.
"අපි ඇක බාර දෙවියන්ට පූජවක්වත් තියමු පාස් වෙන්න කියලා."
"මම නම් aca දැම්මත් වැඩක් නෑ. ඊට වඩා හොඳයි මලක් කඩන එක." එකෙක් මෙසේ පවසා දුරකථනය අතට ගනී.
සෙස්සෝ නැවත පොත් දෙසට නෙත් යොමු කරති.
"ඇත්තටම mid එක මෙච්චර වැදගත්ද?"

Saturday, January 14, 2012
විභාග මානසිකත්වය
පොත් පත් නමැති ඉල්ලමෙන් ගරා ගත්
තොරතුරු නමැති මූලද්‍රව්‍යය යොදා නිර්මාණය කළ
දැනුම නමැති ඛඩ්ග පත්‍ර තලය,
නිරවද්‍යතාවය සහ විචක්ෂණ භාවය නම්
බාහු යුග්මයෙන් මෙහෙයවා,
අධ්‍යාපනික අභියෝග නමැති
නොවැලැක්විය හැකි ප්‍රතිවාදියාගේ,
සාමාන්‍ය පෙළ විෂයයන් නමැති ඇඟිලි 10ත්
උසස් පෙළ විෂයයන් නමැති ගාත්‍රා 4ත්
ඡේදනය කර ඉදිරියට යන අපගේ බලාපොරොත්තුව
උපාධිය ලබා ගැනීමෙන් අධ්‍යාපනික අභියෝගයන්හි ශීර්ෂය ඡේදනය කිරීමද?
එහෙත් එක් ශීර්ෂයක් ඡේදනය කළ විට තවත් ශීර්ෂයක් මතු නොවනු ඇතැයිද,
එම ශීර්ෂය ඡේදනය කිරීමට ප්‍රථමයෙන්
එහි අක්ෂි යුග්මයෙන් විමෝචනය වන්නා වූ
ආතතිය නම් වහ්නි ජාලාවන්ට හසු වී
අපගේ සන්තානයන් අංගාර බවට පත් නොවනු ඇතැයිද
අප කෙසේ අපේක්ෂා කරමුද?

මියැසි නදී තෙර
මියැසි නදී තෙර සිහිලැල් පවනේ
දිවි ගමනේ නෙක විඩා දුරු වුණා
ජීවිතයේ නෙක දුක් සෝ සුසුමන්
සත්සරයේ සුව අතර සැඟවුණා
නෙතගින් ගිලිහුණු උණුසුම් කඳුලක්
පන්හිඳ තුඩගට පණ දෙනු දැනුනා
හදවත දැල්වුණු දුක්බර හැඟුමන්
පත් ඉරු අතරේ හිනැහෙනු පෙනුණා
නෙතේ රැඳුණු ඒ මනරම් දසුනින්
සුහුඹුල් හැඟුමන් පිබිදෙනු දැනුනා
හදේ මැවුණු ඒ සුන්දර සිහිනය
තෙලි තුඩගින් ලෝ නෙතට යා වුණා
(මෙය නිර්මල ලියනාරච්චි සොහොයුරා සමග සිදු කල සම-නිර්මාණයකි)
Saturday, January 7, 2012
ඇක loss වූ මා
AL කාලේ මෙන් දැන් ඇක නොවැටෙන්නේ
වෙන අරමුණු වෙතට මා සිත දිව යන්නේ
Lectures අතර තුර මා නෙතු පියවෙන්නේ
ඇක loss වේද කියලා සිත බිය වන්නේ
දුටුවත් සිහින සමහරු batch top වන්න
ඒ සිහිනය වේ මසිතෙන් ගිලිහෙන්න
තව සිව් වසක් මේ අයුරින් ගත වෙන්න
ඉඩ දෙනු හැර විසඳුමක් මා නොම දන්න
කෙතරම් කලත් විභාග මා සිත වෙහෙසා
නොලැබුණි කිසි සැනසුමක් හට මා සිරසා
නොහැකිය සිටින්නට තව දුරටත් ඉවසා
කවියක් පද බඳින්නෙමි මා සිත සනසා
වෙන අරමුණු වෙතට මා සිත දිව යන්නේ
Lectures අතර තුර මා නෙතු පියවෙන්නේ
ඇක loss වේද කියලා සිත බිය වන්නේ
දුටුවත් සිහින සමහරු batch top වන්න
ඒ සිහිනය වේ මසිතෙන් ගිලිහෙන්න
තව සිව් වසක් මේ අයුරින් ගත වෙන්න
ඉඩ දෙනු හැර විසඳුමක් මා නොම දන්න
කෙතරම් කලත් විභාග මා සිත වෙහෙසා
නොලැබුණි කිසි සැනසුමක් හට මා සිරසා
නොහැකිය සිටින්නට තව දුරටත් ඉවසා
කවියක් පද බඳින්නෙමි මා සිත සනසා
Sunday, January 1, 2012
ශෝක ප්‍රකාශය
නොදිලිසුනත් නෙතු අග උණු කඳුළු කැට
හදවත හඬයි ඔබේ කඳුලැලි දකින විට
සිහි වන සඳ ඔබේ කඳුලැලි පිරුණු වත
යලි පණ ලබයි මගේ වියැලුණු කඳුළු කැට
දුටුවත් මිනිස් දූවරු මහ පොලොව මත
ඒ සැම දෙන අතර ඔබ දෙව් දුවකි මට
බිඳුනත් ඔබේ මුදු සිත පිය වියෝවට
ඔබ දියමන්තියකි අතරේ බොරළු කැට
මරණය දුකකි නොහැකිය ඉන් ගැලවෙන්ට
සිදු වේ දිනක ප්‍රියයන් හට සමු දෙන්ට
ඔබ වැනි දියණියක සැදු පින් මහිමයට
හැකි වනු ඇත ඔහුට මොක් සුව ලබන්නට
Subscribe to:
Posts (Atom)