නිවසට වී දැන් තෙමසක් ගත ව ඇත
ඇක ගැන මෙලෝ හසරක් දැන් මතක නැත
campus එක තිබෙන තැනවත් මතක නැත
එනමුදු හෙට දිනයේ uni යා යුතුව ඇත
මෑතදී පා නොතබුවත් අප බෝඩිමට
බෝඩිමේ aunty ට අප අමතකව නැත
Boarding fees ඉල්ලා එන call එක
හැම මසකම නොවරදවා ලැබෙනු ඇත
සාහිත්‍යයට ලැදි වී ඇත මගේ සිත
subject පොතක් දුටු කලෙකුත් මතක නැත
ව්‍යාවර්තයද අලෙවි කළ යුතුව ඇත
ඇක ගැන සිහින කිසිවක් දැන් මට නොමැත
කවි නවකතා වෙත යොමු වූ මා සිතට
ඇක දමන්ට mood එකක් තවම නැත
ඇක loss වේ ද කියලා මට බියක් ඇත
යන්තම් හෝ ඇක ගොඩ දා යුතුව ඇත
ප.ලි. - මෙම පද්‍යය හාස්‍යය දැන්වීම සඳහා පමණක් ලියවුනු නිර්මාණයක් වන බවත්, මෙහි අවසන් කොටසෙහි ඇති සමහර කරුණු සුළු වශයෙන් අතිශයෝක්තියට භාජනය වී ඇති බවත් කරුණාවෙන් සලකන්න
No comments:
Post a Comment