Saturday, October 20, 2012

ෆැන්ටසි අවකාශයේ අපි


අප දකිනා ලොව සැබෑ ලෝකයයි
සිතමින් සැම දින දිවි ගෙවුවත්
සුවිසල් ෆැන්ටසි අවකාශයක
සිර වී ඇත අපි සදා කාලයටම

සුරඟනන් සදිසි සොඳුරු යුවතියන්
සොයා ඇවිද යන මිනිසුන් හා
රෝමියෝ සදිසි කුමරුන් සොයනා
යුවතියන් මෙලොව පිය මැන්නත්
ලුහුබැඳ යන්නේ මිරිඟුවකැයි
නොදැන කල් ගෙවති ඔවුහු ෆැන්ටසියක


මරණය වෙත අපි පිය මනිනා බව
යටි සිත කෙතරම් හඬ නැගුවත්
අනිත්‍ය ලොව තුළ තමා නිත්‍ය යයි
සිතනා මිනිසුන් හිඟ නොවුනත්
ඒ සියලු පැතුම් දිය මතුපිට ඇඳි
රේඛාවන් සේ මැකී යයි මොහොතක

No comments:

Post a Comment