Saturday, September 1, 2012

අපගේ ඉරණම


සහසක් සිහින දුටුවත් සිත තුළ මහරු
බොඳ වෙයි ඒ සිහින මෙන් හිරු දුටු අඳුරු
සරසවි පැමිණියත් වනු පිණිස මැවිසුරු
අවසන අත් වුණේ ඉරණමකිය රුදුරු

කෙතරම් වෙහෙසුනත් සරසවි පැමිණි තරු
වැසුණා එ දුල් තරු මේඝයකින් අඳුරු
තුදුස් වසක් වෙහෙසුණු අරමුණ සොඳුරු
සම ධ්‍රැව දෙකක් මෙන් අපගෙන් වේ ය දුරු

ඇරඹෙනු ඇතැයි සරසවි දිනකදි නුදුරු
තවමත් පතති සරසවි සිසුහු නිරතුරු
නොතකා හරින සඳ සිසු පරපුර මහරු
උණු වන්නේ නොමැතිද අපගේ රුහිරු?

පැණසර සිසුන් සැම හට කරනට අකුරු
සියයට  හයක් ඉල්ලයි සරසවි ඇදුරු
බිහිරන් සේ සිටිති රට කරවන නුවරු
නොවටින්නේද අප ලක් දිව හට සොඳුරු?

2 comments:

  1. ලස්සන නිර්මාණයකින් ඇත්ත කතාවක්!දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අයියා!

    ReplyDelete