Thursday, June 7, 2012

අසමතුලිත සන්තානයක පාපොච්චාරණය- 2 වන කොටස

සිහිවුවත් සංසිඳුණු මොහොතක
 මා පෙම් කළේ ඔබෙ රුවට බව
නොපිළිගන්නේ ඇයි මගේ සිත
 එදින දුටුවේ සත්‍යයක් බව

 සහස් සිතුවිලි හැඟුම් පිබිදෙන
 මහ සයුර සේ කැළඹී සිතකට
 නොහැකි ඇයි දැන් හැඳින ගන්නට
 මෙතෙක් දුටුවේ මිරිඟුවක් බව

 මට නොලැබි එක් පෙමක මතකය
 සිතින් ගිලිහී යන්නටත් පෙර
 තව මිරිඟුවක් ලුහුබඳින්නට
 පෙළඹුණේ ඇයි නොවැටහේ මට

 වැරදි ප්‍රේමය ලුහු බඳින කල
 ඉතිරි වන්නේ බිඳුණු සිත බව
මගේ යටි සිත පවසනා සඳ
 තවත් මා එය ලුහුබඳිනු කිම

No comments:

Post a Comment