Thursday, June 14, 2012
ව්‍යාවර්තය හැඳින්වීම
බල යුග්මයකට හසු වූ අංශුවක් තම ගමන් මාර්ගය වෙනස් කර ගන්නේ යම් සේද, එලෙසින්ම බාහිර බලපෑම් යටතේ මනුෂ්‍යයෝ සිය ජීවන ගමන් මග වෙනස් කර ගනිති. අයෙක් බල තණ්හාවෙන් උමතුව මිරිඟුවක් ලුහු බැඳ යන්නේද, තවත් අයෙක් භෞතික සැප සම්පත් සියල්ල අතහැර ලෝකෝත්තර සුවය සොයා යන්නේද එබැවිනි. නමුත් යම් මොහොතක ඔවුන්ගේ ගමන් මාර්ග ඡේදනය වන්නේ දෛවයේ සරදමකින් මෙනි. එහෙත් එවිට සිදු විය යුතු සියල්ල සිදු වී හමාරය.
තණ්හාවෙන් උමතුව විනාශය කරා යන විශිෂ්ටයකු පිලිබඳ ඛේදජනක නව කතාවක් කියවා ඔබත් වෙනස් ආකාරයක සාහිත්‍යමය නිර්මාණයක් රස විඳින්න
චරිත විග්‍රහය
බුද්ධික - "මම ප්‍රර්ථනා කරනවා මට ඊළඟ ආත්මයේ මේ වගේ ඉරණමක් අත් නොවේවා කියලා."
සමන්ති - "ඔයා දන්නවා මට දැන් ඔයා හැර වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි බව."
වික්‍රම - "මගේ නම තත්වය ඛේදජනකයි. දැනටමත් 2ක් වැරදියි."
සරණංකර හිමි - "ඔයා මොහොතකට හරි අනෙක් අයගේ යහපත ගැන හිතුවා නම් ඔයාට මේ වගේ තත්වයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ."
සඳුන් - "මට මේක කියන්න කණගාටුයි. ඒත් ඔයාට මගේ නංගිත් එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න වෙනවා"
කවීෂා - "දුක් වෙන්න එපා නංගි. මම දන්නවා ඔයාට මේක දරා ගන්න බැහැ කියලා. ඒත් අපිට වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැ."
චමින්ද - "ඔයාට සෑහෙන හැකියාවක් තියෙනවා. ඔයා කැමති නැද්ද විශ්වයේ සමතුලිතතාවය ගැන ගැඹුරට ඉගෙන ගන්න ?"
අනුෂා - "මම බය වෙලා හිටියේ ඔයා බුද්ධිකට අනතුරක් කරයි කියලා. එයා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්."
ටාන්යා- "ඔයා සඳුන්ව මැරුවා නම් ඔයාට කවදාවත් මගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ."
මර්වින් - "මට කවදාවත් මගේ අතීතය දිහා බලලා සතුටු වෙන්න බැහැ."
මහේෂ් - "මොන හේතුවක් නිසා කලත් මනුෂ්‍ය ඝාතනය සාධාරණීකරණය කරන්න බැහැ."
ෂ්නයිඩර් - "ඔයාලගෙන් කවුරු හරි මේ ව්‍යාපාරය භාර ගත්තොත් ප්‍රශ්නය විසඳෙනවා."
කාරියවසම් - "ඔයාට හොඳටම විශ්වාසද මේ වගකීම භාර ගන්න පුළුවන් කියලා?"
දුමින්ද - "මොනවා! සර්ගේ තත්වය කණගාටුදායකයි. මම හිතුවේ සර් බොහොම සතුටින් ඉන්නවා කියලා."
පියදත්ත - "ඔයාලට අරවා ඕනෙ නම් මට කියන්න."
ලක්මාල් - "එයාලගේ ආර්ථික අපහසුතා නිසා ලේසියෙන්ම මේ වගේ දේවලට පොළඹවා ගන්න පුළුවන්."
මෙම සියලු චරිත හමු වී ඔවුන්ගේකතාව දැන ගැනීම සඳහා 'ව්‍යවර්තය' කියවන්න. ජුනි 16 වැනි දින සිට කර්තෘ වෙතින් ලබා ගත හැක.
Thursday, June 7, 2012
අසමතුලිත සන්තානයක පාපොච්චාරණය- 2 වන කොටස
සිහිවුවත් සංසිඳුණු මොහොතක
මා පෙම් කළේ ඔබෙ රුවට බව
නොපිළිගන්නේ ඇයි මගේ සිත
එදින දුටුවේ සත්‍යයක් බව
සහස් සිතුවිලි හැඟුම් පිබිදෙන
මහ සයුර සේ කැළඹී සිතකට
නොහැකි ඇයි දැන් හැඳින ගන්නට
මෙතෙක් දුටුවේ මිරිඟුවක් බව
මට නොලැබි එක් පෙමක මතකය
සිතින් ගිලිහී යන්නටත් පෙර
තව මිරිඟුවක් ලුහුබඳින්නට
පෙළඹුණේ ඇයි නොවැටහේ මට
වැරදි ප්‍රේමය ලුහු බඳින කල
ඉතිරි වන්නේ බිඳුණු සිත බව
මගේ යටි සිත පවසනා සඳ
තවත් මා එය ලුහුබඳිනු කිම
මා පෙම් කළේ ඔබෙ රුවට බව
නොපිළිගන්නේ ඇයි මගේ සිත
එදින දුටුවේ සත්‍යයක් බව
සහස් සිතුවිලි හැඟුම් පිබිදෙන
මහ සයුර සේ කැළඹී සිතකට
නොහැකි ඇයි දැන් හැඳින ගන්නට
මෙතෙක් දුටුවේ මිරිඟුවක් බව
මට නොලැබි එක් පෙමක මතකය
සිතින් ගිලිහී යන්නටත් පෙර
තව මිරිඟුවක් ලුහුබඳින්නට
පෙළඹුණේ ඇයි නොවැටහේ මට
වැරදි ප්‍රේමය ලුහු බඳින කල
ඉතිරි වන්නේ බිඳුණු සිත බව
මගේ යටි සිත පවසනා සඳ
තවත් මා එය ලුහුබඳිනු කිම
Subscribe to:
Posts (Atom)