Saturday, February 9, 2013

අතුරුදන් වූ කවි සිතුවිලි

නිමිත්ත - කලකට පසුව කවියක් ලියනු පිණිස පෑන අතට ගත් කල, මගේ කවි සිතුවිලි ක්ෂය වී ඇති බව අවබෝධ වූ නිසා එම ඛේදජනක සත්‍යය පිලිබඳ මෙසේ ලියමි
















කියවමි කවි පේළි ඇත අඩවන්ව            දෙඇස්
නොදැනිම සිතට සොයමින් ඒ සොඳුරු     සඳැස්
එනමුදු මසිත පෙළනා නොනිමි            සරතැස්
සිඳලනු අසමත්ය මා නෙත ගැටෙන        සඳැස්

පන්හිඳ ගත් සැනින් එකල මට සිය         දහස්
ගණනින් ගලා ආවේ  සතත කවි           අදහස්
එනමුදු  මටත් නොදැනිම ඒ සොඳුරු     අදහස්
සැඟව ඇත සදිසිගනඳුරු දුටු හිරු           රැස්

ලුහුබැඳ යන කල්හි මිනිසුන් ඉසුරු       යසස්
වියකෙනු අරුමෙකිද සිත තුළ ජනිත     සඳැස්
කිම ඔබ එම දනන් අතරේ නොමැති  වෙසෙස්
විමසයි මසිත වී මා ගැනම                උදහස්