නෙතගින් කඳුළු වැගිරෙයි නොදැනිම සිතට
කඳුළු අතර බොඳ වී යයි දුටු සිහින
සහසක් පැතුම් පොදි බැඳ සිටි ඒ සිතට
සිතුණේ නැත මෙවැනි විපතක් වන බවට
බොඳ වූ සිහින ගැන සිසුවෝ ළතැවෙන්නේ
ඔවුන්ගේ දෙමව්පියෝ නිහඬව වැලපෙන්නේ
ඇමතිතුමා මෙය පිලිබඳ නොතකන්නේ
සිසුන්ගේ කඳුළු ඉදිරියේ නෙත් පියවන්නේ
සිව් වසරක් වෙහෙසුනත් සරසවි යන්න
අවසන සිදු වුණේ නිවසට වී ඉන්න
දුටුවත් සිහින දොස්තර, මැවිසුරු වන්න
නව ප්රතිපලය දැක සිතෙනව මිය යන්න
Syllabus දෙකට වෙනමම Z එක සෙව්වා
ඒ දෙක එකතු කර ජ්යාමිතියත් යෙදුවා
එයද වෙනස් කර නව ප්රතිපල එව්වා
එය දුටු සමහරුන් බීමට වහ සෙව්වා
Private uni ගැනයි ඇමතිද වෙහෙසෙන්නේ
රජයේ සරසවිය බිඳකුදු නොතකන්නේ
නැවතත් උ.පෙළ කරනු යි ඔහු පවසන්නේ
සිසුන් විඳි වේදනා ඔහු නොම දන්නේ
සරසවි සිසුන් මෙරටට වැදගත් නොවෙද?
Old syllabus සිසුන් uni යා යුතු නොවෙද?
බලධාරින්ට, ඇමතිට හදවත් නැතිද?
සහසක් සිසුන් මෙලෙසින් පතනව නොවෙද?
පෙර තිබු z එක මට යළි ලැබුණා නම්
1st shy ගොඩ යන්න luck එක තිබුණා නම්
private uni යන්න මුදලක් තිබුණා නම්
..........................................................
(මෙහි අවසන් පදය ප්රකාශ කිරීම නුසුදුසු යයි සිතමි)