Saturday, April 28, 2012

තරඟය

 සිහිනයක් දුටිමි මා එක් දිනයක
Batch top වන්නට මතු යම් දිනයක
එනමුදු අවසන ලැබුණේ මා හට
බිඳුණු සිතත් වෙහෙසත් පමණක්මද?
මෙතෙක් කල වෙහෙසුනේ අපි මේ වෙනුවෙන්මද?


සරසවි බිම තුළ batch top වන්නට
පන්තිය තුළ පළවෙනියා වන්නට
ජීවන තරඟය තුළ දිව යන්නට
මිරිඟුවකට රැවටී වැලපෙන්නට
අප ජීවිතයේ අරමුණ මෙය පමණක්මද?

ඔබත් මාත් නොනවතින තරඟයක
නොපෙනෙන ඉලක්ක ලුහුබැඳ යන කල
අයෙක් වැටුණු විටදී ඇත දෙන්නට
නොමැතිය කිසිවෙක් සිත උණු වන්නට
මිනිසත් බවේ ගමන මග මෙය විය යුතුමද?